27 C
Colombo
Wednesday, November 20, 2024

සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කරන්න අනුමැතිය

- Advertisement -

කෙටිකාලීන සහල් හිඟයට විසඳුමක් ලෙස සහල් මෙට්‍රික්ටොන් 70,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව හරහා එම සහල් ආනයනය කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවා.

අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟය වෙනුවෙන් රජය ගනු ලැබූ තීරණය පිළිබඳ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (20) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

එහිදී අදහස් දැක්වු අමත්‍යවරයා,

පහුගිය කන්න දෙකේ විතරක්, වී මෙට්‍රික් ටොන් මිලියන 4.8ක් නිෂ්පාදන තියෙනවා.නාඩු වී තියෙන්නේ මිලියන 3.1 ක් . සීයට 65කට ආසන්න ප්‍රමාණයක් බත් කන්නේ නාඩු. නාඩු වී මිලියන 3.1 හාල් කළාම එන්නේ මිලියන 2.1යි. සහල් මිලියන මෙට්‍රික් ටොන් 2.1 මාස 12 බෙදපුවාම මාසෙකට මෙට්‍රික් ටොන් 183,000ක් පරිභෝජනය සඳහා ඉතිරි වෙනවා. මාසික පරිභෝජනය මෙට්‍රික් ටොන් 140,000යි. සමහරුන්ට කියන්න පුලුවන් අරක්කු නිෂ්පාදනයට පොඩි ප්‍රමාණයක් ගන්නවා…. වෙළඳපළ තුළ වී ටික සහල් කරලා පාරිභෝගිකයාට ලබා දීමට වී වලට සහ සහල්වලට පාලන මිලක් පැනෙව්වාට පස්සේ සහල් ටක පාරිභෝගිකයට ලැබෙන්නේ නැහැ…..අපේ රටේ මහ කන්න පටන් අරන් තියෙනවා. ජනවාරි 15 විතර වෙද්දී මහ කන්නේ වී අස්වැන්න එනවා. වී අස්වැන්නෙන් පහෙන් තුනකට වඩා දෙන්නේ මහ කන්නයේ. එතකොට ගොවියාගේ වී මිලට බලපෑමක් නොවෙන්නත් ඕනෑ. පාරිභෝගිකයනට සහල් වුවමනාවකුත් තියෙනවා.මේ සියල්ල සැලකුවාට පස්සේ ගන්න තියෙන හොඳම තීන්දුව අරන් තියෙනවා. මසකට මෙට්‍රික් ටොන් 140,000ක පමණ අවශ්‍යතාවක් තියෙන්නේ නාඩු සහල්. පොදුවේ සියළු සහල් මාසෙක පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ. 140,000 නාඩු එන්නේ. ඒ නිසා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක ඉන්නවා, රාජ්‍ය ආයතන දෙකක් තියෙනවා සහල් ආනයනය කිරීම සඳහා. මෙට්‍රික් ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස සහ එස්ටීසී ආයතනයට සහල් ආනයනය සඳහා අවසර ලබා දෙන්න. කෙටිකාලීන සහල් හිඟයට විසඳුම් සෙවීම සඳහා නාඩු සහල් ආනයනය කරනවා. ආනයනකරුවන් 30 දෙනෙක් විතර ඉන්නවා. මේ 70,000 දෙන්නේ කොහොමද කියලා ඉන්නේ. තනි කෙනෙකුට මේක දෙන එක අවදානමක් තියෙනවා. තනි කෙනෙකුට දීලා ප්‍රශ්නයක් වුණොත් ප්‍රමිතියේ ප්‍රශ්නයක් එනවා. පැහැදිලිව අවධාරණය කරලා තියෙනවා, සාම්පල් එකේ ප්‍රමිතිය අඩු නම් වෙන හාල් ගේන්න බැහැ.

RECENT ARTICLES - SINHALA

නාමල්ට ආයෙත් රණවිරු ගාය ඇවිත්

උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ පක්ෂ ලේකම්වරුන්...

උසස් පෙළ විභාගයේ වෙනසක් නැහැ

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම නිවේදනයේ...

POPULAR ARTICLES