26 C
Colombo
Wednesday, November 20, 2024

පීඩාකාරී නොවන අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවා – හරිනි

- Advertisement -

ඉදිරි පුනරුද යුගයට ගැලපෙන පුරවැසියන් බිහිකිරීමට සමත්, සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඉසුරුපායේදී අද (20) අභිනව රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය අමාත්‍ය ධුරයේ භාර ගනිමින් ඇය මේ බව පෙන්වා දුන්නා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා සිටියේ, අධ්‍යාපනය වැනි විෂයක් සම්බන්ධ අමාත්‍ය ධුරයක් භාරගැනීමට ලැබීම සම්බන්ධව තමන් නිහතමානීව සතුටු වන බවයි.

එම විෂයේ පවත්නා භාරදූරභාවය තමන් මැනවින් අවබෝධ කරගෙන සිටින බවද ඇය පැවසුවා.

නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්‍රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී ඇති අතර, පාසල් අධ්‍යාපනය නිසි ක්‍රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථකව ක්‍රියාත්මක කළ යුතු බවද පවසා සිටියා.

දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු බවත්, ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක‍්ෂේත්‍රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නා.

කෙසේ නමුත් ඒ සියලු දෙනාගේ නොමඳ සහාය ඊට අත්‍යවශ්‍ය බව ඇය වැඩිදුරටත් පැවැසුවා.

RECENT ARTICLES - SINHALA

නාමල්ට ආයෙත් රණවිරු ගාය ඇවිත්

උතුරු පළාතේ හමුදා කඳවුරක් මෑතකදී ඉවත්කර ගැනීම පිළිබඳ තොරතුරු වාර්තා වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය...

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ගැටලුව

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හිමිවු පක්ෂ කිහිපයක් තවමත් ඊට අදාළ මන්ත්‍රීවරුන්ගේ නම් එවා නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. අදාළ පක්ෂ ලේකම්වරුන්...

උසස් පෙළ විභාගයේ වෙනසක් නැහැ

2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එම නිවේදනයේ...

POPULAR ARTICLES