24.9 C
Colombo
Friday, November 22, 2024

ළමුන් අතර දුර නොපෙනීමේ අක්ෂි රෝගය ඉහළ යෑමේ අවධානමක්

- Advertisement -

ළමුන් අතර අවිදුර දුෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීමේ අක්ෂි රෝගය ඇතුළු අක්ෂි දෝෂ ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා අක්ෂි රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනූෂා තැන්නෙකුඹුර මහත්මිය පවසන්නේ, වර්තමානයේදී ප්‍රමාණය ඉක්මවා ඩිජිටල් තිර භාවිත වීම හේතුවෙන් එම තත්ත්වය උද්ගතව ඇති බවයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව  සඳහන් කළා.

ඇය එහිදී අවධාරණය කළේ ඉදිරි දශකයක කාලය තුළ එය 50% ඉක්මවා යා හැකි බවයි.

 “දැනට ලෝකයේ 30%ක පමණ ප්‍රවණතාවයක් මෙම අවිදුර දුෂ්ටිකත්වය තියෙනවා. ඉදිරි 2050 වන විට මෙය 50%ක් දක්වා වැඩි වෙයි කියන එක ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඒකට ප්‍රධානම හේතුවක් විදිහට අපි සළකන්නේ ඩිජිටල් තිර භාවිතය සහ ඒ තුළින් ඇතිවන එළිමහන් ක්‍රියාකාරකම් අඩුවීම කියන ප්‍රධානම කාරණාවන් දෙක.”

RECENT ARTICLES - SINHALA

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

POPULAR ARTICLES