24.7 C
Colombo
Monday, November 25, 2024

අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් අධිචෝදනා

- Advertisement -

ඉන්දියානු අදානි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා සහ ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙ‍ෙනකු වන ගෞතම් අදානිට ඩොලර් බිලියන ගණනක වංචාවක් සම්බන්ධයෙන් නිව්යෝර්ක් නුවරදී අධිචෝදනා ගොනුකර ඇති බව අමෙරිකානු නඩු පවරන්නන් පවසා තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු බලධාරීන් ගෞතම් අදානිට සහ Adani Green Energy හි තවත් විධායක නිලධාරීන් දෙදෙනෙකු, අදානිගේ බෑණනුවන් කෙනකු වන සාගර් අදානිට සහ නීට් ජායින්ට චෝදනා එල්ල කර තිබෙන බවයි පැවසෙන්නේ.

2020 සහ 2024 අතර කාලය තුළ අමෙරිකානු ඩොලර් බිලියන 2 ක ලාභයක් ලබාගැනීමට අපේක්ෂිත සූර්ය බලශක්ති සැපයුම් කොන්ත්‍රාත්තු ලබාගැනීම සඳහා ඉන්දියානු රජයේ නිලධාරීන්ට අමෙරිකානු ඩොලර් මිලියන 250 කට වඩා අල්ලස් ගෙවීමට එකඟවීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

නඩු පවරන්නන් පවසන්නේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු ප්‍රකාශ මත පදනම්ව මෙම කාලසීමාව තුළ පුනර්ජනනීය බලශක්ති සමාගම අමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි ණය සහ බැඳුම්කර රැස්කර ඇති බවයි.

තවත් පුනර්ජනනීය බලශක්ති සමාගමක විධායකයන් දෙදෙනෙකු සහ කැනේඩියානු ආයතනික ආයෝජකයකුගේ සේවකයන් තිදෙනෙකු ඇතුළුව තවත් පුද්ගලයන් පස්දෙනෙකුට අදාළ අපරාධ කුමන්ත්‍රණ චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදානි සමූහය බ්‍රහස්පතින්දා උදෑසන වනතුරු ප්‍රතිචාර දක්වා නොතිබුණු බව විදෙස් ජනමාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා කරන ලද ඉල්ලීමකට වොෂින්ටනයේ ඉන්දීය තානාපති කාර්යාලය ද වහාම ප්‍රතිචාර දක්වා නොමැති බවයි පවැසෙන්නේ.

ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝණිය ආශ්‍රිතව ද අදානි සමූහයේ මැදිහත්වීම මත මෙගාවොට් 250 ක ධාරිතාවකින් සමන්විතය සුළං බල ව්‍යාපෘතියක් සඳහා සැලසුම් සකස්කර තිබෙනවා.

ඉදිකිරීමට සැලසුම් කොට ඇති මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ අදානි සමූහය විසින් පුනර්ජනනීය බලශක්තිය සඳහා සිදුකරන පුළුල් ආයෝජනයක කොටසක් වන අතර එය 2025 වන විට නිමකිරීමට අපේක්ෂිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත ආයෝජන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 250ක් වන අතර, එය ශ්‍රී ලංකාවේ ඉදිවෙමින් වෙමින් පවතින විශාලතම සුළං බල ව්‍යාපෘතිවලින් එකක්.

Adani Green Energy Limited (AGEL) විසින් ප්‍රවර්ධනය කරන ලද සුළං බල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදෙනු ලැබුවේ පැවැති කැබිනට් මණ්ඩලය ආයෝජන පිළිබඳ පත්කරන ලද කළමනාකරණ කමිටුව මඟින්.

මෙය ශ්‍රී ලංකාවේ නීති මාලාවට අනුකූලව සකස් කරන ලද ක්‍රියාවලියක් වූ අතර, ඉන්පසු Adani Green Energy Limited සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවුණා.

මුදල් අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වුණේ, කැබිනට් මණ්ඩලය විසින් ආයෝජන පිළිබඳ පත්කරන ලද කළමනාකරණ කමිටුවේ තීරණය ක්‍රියාත්මක වන අවස්ථාවලදී ටෙන්ඩර් ක්‍රියාවලියක් සිදුකිරීමට අවශ්‍ය නොවන බවයි.

කෙසේවෙතත් Adani Green Energy Limited සමාගමට විශේෂ සැළකිලි ලබාදීම , මන්නාරම සහ පුනරීන් හි අදානි ව්‍යාපෘතියට ඒකකයකට අධික මිලක් ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු

නව අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙණෙවිය...

නිධන් හොයන්න ගිය 5ක් අත්අඩංගුවට

වනාතවිල්ලුව - රාල්මඩුව ප්‍රදේශයෙ ඉඩමක නිධන් සොයා කැණීම් කළ සැකකරුවන් 5 දෙනෙකු වනාතවිල්ලුව පොලිස් නිලධාරින් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

Breaking: සුජීවගේ වාහනේ නිදහස් කරන්න උසාවි නියෝගයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි...

POPULAR ARTICLES