සමඟි ජන බලවේගයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා දමිළ නියෝජිතයෙකු ලෙස දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පත් කළ යුතු බවට ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් මහතා පවසා තිබෙනවා.
‘නිව්ස්වයර්’ වෙත සිය අදහස් දක්වමින් සෙන්දිල් තොණ්ඩමන් පවසා ඇත්තේ උඩරට වතුකරයේ සියලුම දිස්ත්‍රික්කවල දමිළ නියෝජිතයන් තේරී පත් වුවද කොළඹ සහ මහනුවර දිස්ත්‍රික්කවලට දෙමළ නියෝජිතයන් තෝරා ගැනීමට නොහැකි වූ බවයි.
මනෝ ගනේෂන් මහතා කොළඹ දිස්ත්‍රික්කයට තරග කළ වෙනත් කිසිදු අපේක්ෂකයකුට වඩා දමිළ ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති බවද සෙන්තිල් තොණ්ඩමන් වැඩිදුරටත් පවසා තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය විවිධ දේශපාලන මත දරන නමුත් පාර්ලිමේන්තුවේ දමිළ මන්ත්‍රීවරුන්ගේ නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ඔවුන් එක ප්රතිපත්තියක සිටින බවද සෙන්දිල් තොණ්ඩමන් මහතා අවධාරණය කර තිබුණා.