27.3 C
Colombo
Saturday, April 12, 2025

ඊශ්‍රායල් යන ශ්‍රමිකයින්ගෙන් අයකළ ගුවන් ටිකට්පත් ගාස්තු අඩු කෙරේ

- Advertisement -

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයින්ගෙන් අය කරනු ලබන ගුවන් ටිකට්පත් ගාස්තුව රුපියල් ලක්ෂයත් 75,000 ත් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අයකරනු ලබන ගුවන්ටිකට්පත් ගාස්තුව ඉතා අධික යැයි පැමිණිලි ලැබී තිබුණා.

ඒ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ආනන්ද ලාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගත් පියවර අනුව ගුවන් ටිකට්පතක මිල මෙලෙස ඉතා විශාල ප්‍රමාණයකින් අඩු කිරීමට හැකි වී තිබෙනවා.

ඊශ්‍රායලය හා කොරියානු රැකියා සදහා යොමු වන පුද්ගලයින්ගේ ගුවන් ටිකට් පත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් විදේශ රැකියා ඒජන්සි ආයතනය හරහා ලබා දීමේ ක්‍රම වේදය සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුණේ ටෙන්ඩර් ක්‍රම වේදයකට අනුව සිදු කිරීම හේතුවෙන්.

එමඟින්, ඇතැම් ගුවන් ටිකට්පත් මිලදී ගන්නන්හට මූල්‍ය අලාභයක් සිදුව ඇති බවද වාර්තා වෙනවා.  

ඒ අනුව, ශ්‍රී ලන්කන් එයාර් ලයින් ආයතනය මගින් ඍජුව ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට කටයුතු කරමින් අදාළ ගාස්තු අඩු කර තිබෙනවා.

මසකට ආසන්න කාලයකදී ගුවන් ටිකට්පත් 500 ක් මිලදී ගෙන ඇත්තේ, එක් ටිකට්පතකින් රුපියල් 75,000 ක් සහ 90,000ක් වැඩිපුර අය කර ගනිමින්.

පැරණි ක්‍රමවේදය ඔස්සේ මේ වන විට නොවැම්බර් මාසය දක්වා ගුවන් ටිකට්පත් වෙන් කරගෙන ඇති බැවින් නව මිලදී ගැනීමේ ක්‍රම වේදය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ,

“සාමාන්‍යයෙන් මාසයකට ආසන්න කාලයකදී ගුවන් ටිකට්පත් 500ක් පමණ මිලදී ගෙන තියෙනවා. එක ටිකට් එකකින් රු.75000-90000 ක් වැඩියෙන් දීර්ඝ කාලයක සිට අයකරගෙන තිබෙන අතර ඒ අනුව මාසයකදී ගුවන් ටිකට් 500ක් මිලදී ගත් විට එය විශාල මුදලක් වෙනවා. රට නව නායකත්වයක් යටතේ නව දිශානතියකට යොමුවන මේ අවස්ථාවේ විගමණික ශ්‍රමිකයාට ලබාදෙන සහන වැඩි කරන්න අපි කටයුතු කරනවා. නොවැම්බර් මාසය දක්වා පැරණි ක්‍රමවේදය ඔස්සේ ටිකට්පත් වෙන්කර ගෙන තිබෙනවා. ඒ නිසා දෙසැම්බර් මාසයේ සිට මේ නව මිළදී ගැනීමේ ක්‍රමවේදය අපි ක්‍රියාත්මක කරනවා. වඩා හොඳ ජනතාවාදී සේවාවන් සපයන ආයතන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සි ආයතනය පත්කිරීම අපේ අරමුණයි. විශාල සේවයක් මේ ආයතන මගින් ජනතාවට ලබාදෙන්න පුළුවන්. ඒ සේවාවන් හැකි උපරිම අයුරින් ඵලදායී අයුරින් ලබාදෙන්න අපි කටයුතු කරනවා.”

RECENT ARTICLES - SINHALA

මේ ආණ්ඩුව රනිල්ගේ මයිල් ගහක්වත් හොලවන්නේ නැහැ – චාමර සම්පත්

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මයිල් ගහකටවත් හානියක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

මාව ජනාධිපති කළා කියන්නේ රටේ වාසනාව තමයි – සීලරතන හිමි

එළැඹෙන මැතිරණයෙන් තමාව ජනාධිපති කළහොත් එය අප රටේ ජීවත්වන ජනතාවගේ වාසනාවක් බවත්, එසේ වුවහොත් තමා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කරන බවත්, පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන...

නීති විරෝධී විදෙස් දුම්වැටි සමග අයෙක් මාට්ටු

නීති විරෝධීව මෙරටට දුම්වැටි තොගයක් රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ පදිංචි 29...

POPULAR ARTICLES