28.4 C
Colombo
Friday, November 22, 2024

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් තත්වයක්

- Advertisement -

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සාමාජිකයන් සහ මධ්‍යස්ථානයට අඹ විකිණීමට පැමිණෙන වෙළෙන්දන් අතර අද (21) උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සහ එළවළු, පළතුරු අලෙවිකිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි පැවසෙන්නේ.

එමෙන්ම එම ක්‍රමවේදය නොසලකාහරින වෙළෙඳසැල් හිමියන්ගෙන් වෙළෙඳ සංගමය දඩ මුදලක් අයකිරීමටත්, වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමටත් ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය තීරණය කර තිබෙනවා.

කෙසේ නමුත් වෙළෙඳසැල් තාවකාලිකව වසාදැමීමට ගෙනඇති තීරණය නිසා උදෑසන අඹ අලෙවිකිරීම සඳහා පැමිණ සිටි වෙළෙන්දන්ව එම ස්ථානයෙන් ඉවත්කිරීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබුණා.

මේ හේතුවෙන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසියටද මැදිහත්වීමට සිදුව තිබෙනවා.

අඹ අලෙවිකිරීම සඳහා පැමිණෙන වෙළෙන්දන් සඳහන් කර සිටියේ, ඔවුන් ඉතා මහන්සියෙන් රැගෙනඑන අඹ අලෙවිකිරීම සඳහා ස්ථානයක් නොමැති නිසා වෙළෙඳසැල් ආසන්නයේ ලොරි රථවල සහ බිම තබාගෙන අඹ අලෙවිකිරීම සිදුකරන බවයි.

ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සී. එස්. සිරිවර්ධන මහතා කියා සිටියේ, එක් එක් ස්ථානවල අඹ අලෙවිකිරීම නිසා අනෙකුත් ගොවීන්ට මෙන්ම එළවළු මිලදී ගැනීමට පැමිණෙන අය අපහසුතාවට පත්වන බවයි.

මෙම අඹ අලෙවිකරණ ක්‍රමවේදය නිසාවෙන් රථවාහන තදබදයක් ද ආර්ථික මධ්‍යස්ථානය ඇතුළත ඇතිවෙන නිසා මෙම තීරණය ගත් බව ඔහු පැවසුවා.

කෙසේ වෙතත් මෙම තත්ත්වය නිසා ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳාම් කටයුතුවලටද බාධා එල්ල වි තිබුණා.

RECENT ARTICLES - SINHALA

කුවේට්හි සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දීමක්

කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් තම ඇඟිලි සලකුණු එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය විසින් නිවේදනය කර ඇති ස්ථාන වලට ලබාදෙන ලෙස ශ්‍රී...

සිරිකොත අසළ උණුසුම් තත්වයක්

එක්සත් ජාතික පක්ෂයේ අරටුව සංවිධානය ,එක්සත් ජාතික පක්ෂය නැවත නඟා සිටුවීම පිණිස ව්‍යාපෘතියක් භාරදීම සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා. මෙම සංදේශය හිටපු ජනාධිපති රනිල්...

අධිකරණ නියෝගයකින් ප්‍රථම වතාවට නිධානයක් හාරලා

වේයන්ගොඩ - වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට අයත් ස්ථානයක ඇති ජනප්‍රවාදයේ සඳහන් නිධානයක් අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙරට පළමු වරට නිධානයක් ගොඩ නැගීමට කටයුතු කරමින් තිබෙනවා. මෙම...

POPULAR ARTICLES