24.9 C
Colombo
Friday, November 22, 2024

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි සමාලෝචනයට පියවර

- Advertisement -

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පසුගිය පස් වසර තුළ අනුගමනය කළ විවිධ ක්‍රියාදාමයන් සමාලෝචනය කිරීමට අධ්‍යාපන , උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

එහි ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, පසුගිය කාලයේ කමිටු කිහිපයක් හා ජාතක අධ්‍යාපන ආයතනය වැනි ආයතනික ව්‍යුහයන් හරහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විවිධ යෝජනාවලි ඉදිරිපත්ව ඇති බවයි.

කෙසේ වෙතත් එම කිසිදු යෝජනාවලියක් ක්‍රියාත්මක තත්ත්වයට පත්වූයේ නැහැ.

අදාළ යෝජනා හා ක්‍රියාපිළිවෙත් සමාලෝචනයෙන් පසු වත්මන් රජයේ ප්‍රතිපත්ති සමග ගැලපෙන පරිදි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් කඩිනමින් හඳුන්වා දෙන බවද ලේකම්වරයා ප්‍රකාශ කළා.

අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කළේ සිසුන්ට පීඩනයක් ඇති නොවන නූතන රැකියා වෙළෙඳ පොලට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් බිහි කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.

RECENT ARTICLES - SINHALA

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

විගණකාධිපතිගෙන් නිවේදනයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන්...

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

එක අරමුණකින් වැඩ කර අප මාතෘභූමිය මීට වඩා හොඳ රාජ්‍යයක් බවට පත් කිරීමට එක්වෙමු යැයි සියලු රාජ්‍ය සේවකයන්ට තමා ආරාධනා කරන බව ජනාධිපති අනුර...

POPULAR ARTICLES