24.9 C
Colombo
Friday, November 22, 2024

රුහුණු සරසවියේ වර්ජනය තවදුරටත්

- Advertisement -

රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්යමණ්ඩලය ආරම්භ කළ වැඩ වර්ජනය අද (22) සිව්වන දිනටත් ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යමණ්ඩලය මෙම වර්ජනය ආරම්භ කළේ පසුගිය 19වනදායි.

කෙසේවෙතත් අදාළ ගැටළුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ එම විශ්වවිද්‍යාලයේ සිසුන් එක්වී පසුගියදා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා.

විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා තාවකාලිකව හෝ එම ධුරයෙන් ඉවත්කරන තුරු තම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්නොහරින බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා සඳහන් කළා.

මේ අතර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයද ඊයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංකේතාත්මක ස්‍යග්‍රහයක නිරතවෙමින් රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස විරෝධතාවයක නිරත වුණා.

පසුව ඔවුන් අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවී ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක්ද පැවැත්වුවා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

විගණකාධිපතිගෙන් නිවේදනයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන්...

POPULAR ARTICLES