24.9 C
Colombo
Friday, November 22, 2024

ඩග්ලස් දේවානන්දට වරෙන්තු

- Advertisement -

ඊ.පි.ඩි.පි පක්ෂයේ නායක හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (21) නියෝග කර තිබෙනවා.

ඒ, නඩුවක සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන් නමැති ව්‍යාපාරිකයෙකු විසින් අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි දෙකක වංචාවක් සිදු කළ බවට ඩග්ලස් දේවානන්ද මහතා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් පැවරූ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙනවා.

ඩග්ලස් දේවානන්ද මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණය හමුවේ පවසා සිටියේ සාක්ෂිකරු අසනීපයෙන් පසුවන බැවින් අධිකරණයේ පෙනී නොසිටින බවයි.

කෙසේවෙතත්, අසනීප තත්වය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව නිකුත් කළා.

2016 ජූලි 9 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී රුපියල් මිලියන දහය බැගින් වූ චෙක්පත් දෙකක් ගිණුමේ මුදල් නොමැති බව දැන දැනම ලබාදී වංචා කිරීමේ චෝදනාව යටතේ මෙම නඩුව වැල්ලවත්තේ පදිංචි සුභ්‍රමනියන් මනෝහරන් යන ව්‍යාපාරිකයා ට පවරා තිබුණා.

චූදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් හේවාපතිරණ මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ පළමු වන සාක්කිකරුවන දේවානන්ද මහතාට සාක්ෂි ලබාදීම සඳහා අවසන් වරට දින ලබාදී ඇති බව සහ ඔහු  පසුගිය නඩු වාරයේදී ද අධිකරණයේ පෙනී නොසිට ඇති බවයි.

ඒ අනුව, දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරමින් පැමිණිලි විභාගය ජනවාරි 23 වැනි දින පැවැත්වීමට නියම කළා.

RECENT ARTICLES - SINHALA

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

විගණකාධිපතිගෙන් නිවේදනයක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර ඇතැයි විශේෂ විගණනයකින් හෙළිව තිබෙනවා. විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා සඳහන්...

POPULAR ARTICLES