24.7 C
Colombo
Friday, November 22, 2024

ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගන්න වරෙන්තු

- Advertisement -

ඊශ්‍රායලයේ අගමැති සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා මෙන්ම හමාස් හමුදාපතිවරයාට ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ පූර්ව නඩු විභාගයකදී ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ තීරණයට  ඊශ්‍රායලය අභියෝග කර තිබූ අතර එය ප්‍රතික්ෂේප කරමින් ජාත්‍යන්තර අපරාධ අධිකරණය බෙන්ජමින් නෙතන්යාහු සහ යෝව් ගැලන්ට් සඳහා වරෙන්තු නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

හමාස් සංවිධානයේ හමුදාපතිවරයාවන මොහොමඩ් ඩීෆ්ට ද වරෙන්තුවක් නිකුත් කර ඇතත්, ඊශ්‍රායලය පවසන්නේ ඔහු ජූලි මාසයේදී ගාසා තීරයට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බවයි.

ඊශ්‍රායලය සහ හමාස්  සංවිධානය අතර පැවති යුද්ධයේදී සිදු වූ බව කියන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් “සාපරාධී වගකීම” මෙම පුද්ගලයන් තිදෙනා සතු බවට “සාධාරණ හේතු” දැක්විය හැකි බව වරෙන්තු නිකුත් කරමින් විනිසුරුවරුන් පවසා තිබෙනවා.  

කෙසේවෙතත්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබුණා.

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ජාත්‍යන්තර අධිකරණයේ තීරණය ලෙස හෙළා දකින අතර එය යුදෙස් ජනතාවට එරෙහි තීරණයක් බවට ඔහු පවසා තිබෙනවා.

හමාස් සංවිධානය මීට ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ නෙතන්යාහු සහ ගැලන්ට් සඳහා වරෙන්තු නිකුත් කිරීමෙන් “වැදගත් ඓතිහාසික පූර්වාදර්ශයක්” තබා ඇති බවයි.

මෙම වරෙන්තු වල බලපෑම අර්ධ වශයෙන් රඳා පවතින්නේ ජාත්‍යන්තර අධිකරණයෙහි (ICC) සාමාජික රටවල් 124 ඒවා බලාත්මක කිරීමට එකඟ වීම හෝ එකඟ නොවීම මතයි .

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES