24.9 C
Colombo
Friday, November 22, 2024

අධිකරණ නියෝගයකින් ප්‍රථම වතාවට නිධානයක් හාරලා

- Advertisement -

වේයන්ගොඩ – වඳුරව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයට අයත් ස්ථානයක ඇති ජනප්‍රවාදයේ සඳහන් නිධානයක් අධිකරණ නියෝගයක් ප්‍රකාරව මෙරට පළමු වරට නිධානයක් ගොඩ නැගීමට කටයුතු කරමින් තිබෙනවා.

මෙම ස්ථානයේ තිබෙන බව යැයි කියන නිධානයක් මෙතෙක් කල් බොහෝ පිරිස් විසින් හොර රහසේ නිධන් ගොඩගැනීම කටයුතු කර ඇති බව වාර්තාවනවා.

එය ගොඩනැගීමට තැත් කළ බොහෝ සැකකරුවන් එය ගැනීමට නොහැකී වු අතර වේයන්ගොඩ පොලිසිය මැදිහත් වී එම සැකකරුවන් අත්තනගල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමේ පසුව මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙම නිධානය ගැනීමට බොහෝ අවස්ථාවල උත්සහා කළ සැකකරුවන් වාර්තා වීම හේතුවෙන් අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයාගේ නියෝග පරිදි එම ස්ථානයේ නිධානයක් තිබේ දැයි සොයා බලන ලෙසටයි පොලිස් විශේෂ කාර්‍යය බලකායට උපදෙස් දී තිබෙන්නේ.

එම පරීක්ෂා කිරීම් වලට අදාළව ස්කෑන් පරීක්ෂණ වල ප්‍රතිඵල මත එහි යම් කිසි දෙයක් සඟවා ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව අධිකරණය විසින් මහජනතාව ඉදිරියේ ඊයේ (21) දින එම ස්ථානය හැරීමට වේයන්ගොඩ පොලිසියට නියෝගය ලබා දී තිබෙන අතර අද දිනයේදීත් එම කෑණිම් කටයුතු සිදු කෙරෙනවා.

ඊයේ දින පැය තුනක වෙහෙසකර කැණිම් කටයුතුවලින් අනතුරුව පස්වරු 2.50ට පමණ එම කටයුතු දිවා ආහාරය සදහා නතර කරනු ලැබූ අතර දිවා ආහාරයෙන් පසු කැණීම් කටයුතු ආරම්භ කිරීමෙන් පසු මහ වැසි ඇදහැලීම හේතුවෙන් පස්වරු 4ට පමණ කැනීම් කටයුතු අතරමග නවතා දැමීමට සිදු වුණා.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් භූගත පරිලෝකනය කරන යන්ත්‍රයක ආධාරයෙන් පෙන්වා දුන් ස්ථානය දෑවැන්ත බැකෝ යන්ත්‍ර දෙකක් යොදාගෙන හෑරීම සිදු කරනු ලබනවා.

එම යන්ත්‍රය වරින් වර පෙන්වා දුන් අන්දමට අදාළ ස්ථානය කැණීම් කරද්දී අධිවේගී මාර්ගයේ පස් තුනී කර ඇති කොටසේ පැති බැම්ම ද කපා පස් ඉවත් කිරීමට සිදු වුණා.

එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් දැනගන්නට ලැබුණේ, අධිවේගී මාර්ගයේ පස් කන්දේ පැත්තක් කපා දැමීමට සිදුවීම නිසා මාර්ග සංවර්ධන අධිකාරියට විශාල පාඩුවක් සිදුවෙන බවයි.

මෙම ස්ථානයේ නිදන් වස්තු සඳහා කැණීම් කළ බව කියන චීවරධාරියෙකු ඇතුළු නව දෙනකු මේ වන විට රිමාන්ඞ් භාරයේ පසුවන අතර අවස්ථා කිහිපයකදී මේ ආකාරයෙන් කැනීම් සිදුකළ පිරිස් පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීම හේතුකරගෙන අධිකරණය මෙම නියෝගය ලබා දී තිබුණා.

RECENT ARTICLES - SINHALA

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

වැඩිහිටි දීමනාව ගැන දැනුම් දීමක්

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන අවුරුදු 70ට වැඩි වැඩිහිටි පුද්ගලයින් වෙනුවෙන් රජයෙන් ලබාගෙන රු3,000 දීමනාව මේ වනවිට බැංකු ගිණුම්වලට බැර කර ඇතැයි රජය නිවේදනය...

POPULAR ARTICLES