25.4 C
Colombo
Saturday, November 23, 2024

IMF ගිවිසුම ක්‍රියාත්මක කිරීම ජනවරමට පිටුපෑමක් – සජිත්

- Advertisement -

පසුගිය රජයේ ජන පීඩිත IMF ගිවිසුම වත්මන් රජය ක්‍රියාත්මක කරන බවට පැවසීම ජන වරමට පිටුපෑමක් බව සමගි ජන සන්ධාන නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඊයේ (21) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ,මැතිවරණ වේදිකාවේ අසන්නට ලැබුණේ පවතින IMF ගිවිසුම වෙනස් කර නව ගිවිසුමකට යෑම නමුත් මේ වන විට ආණ්ඩුව ඉන් බැහැර වී ඇති බවයි.

එය බරපතළ කරුණක් බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මේ නිසා වර්තමාන රජය එදා මැතිවරණ වේදිකාවේ ඉදිරිපත් කළ යම් යම් කරුණු කාරණා සහ අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ කරුණු අතර පරස්පරයක් ඇති බව සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කිරීමේදී, ද්විපාර්ශ්වීය ණය, ස්වෛරී බැඳුම්කර ණය ආදී ක්ෂේත්‍ර ගැන ඉදිරිපත් වූ කරුණු පිළිබඳව යම් ආකාරයක තිගැස්මකට පත් වූ බවයි.

රටේ ජනතාව ඓතිහාසික ජන වරමක් ලබා දීමත් සමග IMF ගිවිසුමේ ඇති පීඩකාරි දේවල්වලට විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නමුත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය අනුගමනය කළ ක්‍රියාදාමය වත්මන් රජයත් අනුගමනය කරන බව පෙනෙන බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES