ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (22) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 286.4406ක් ලෙසයි සටහන්ව ඇත්තේ.
එමෙන්ම එහි විකුණුම් මිල රු. 295.4521ක් ලෙස වාර්තා වී තිබෙනවා.
කෙසේ වෙතත් පසුගිය සතියේ එහි ගැනුම් මිල රු. 287.7253 ලෙස සටහන් වූ අතර එහි විකුණුම් මිල රු. 296.7260 ලෙස සටහන්ව තිබුණා.
ඒ අනුව අද දින ප්රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,
ලංකා බැංකුව – රු. 287.00 – රු. 295.00
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 284.08 – රු. 295.63
හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 287.25 – රු. 294.25
සෙලාන් බැංකුව – රු. 286.70 – රු. 294.20
කොමර්ෂල් බැංකුව – රු. 284.97 – රු. 294.75
අමානා බැංකුව – රු. 288.50 – රු.293.50