25.4 C
Colombo
Saturday, November 23, 2024

අල්ලස් ගත් විදුහල්පතිනියගේ ඇපෑල විසිවෙලා

- Advertisement -

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 150,000ක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය අධ්‍යාපන කොට්ඨාසයේ රාගම කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනියගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සැකකාරිය ලබන 06 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (22) නියෝග කළා.

අල්ලස් ලබා ගන්නා අවස්ථාවේදී පාසලේ සීසීටිවී දර්ශන ක්‍රියාත්මක වී ඇත්නම් එම දර්ශනවල පිටපතක් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කළා.

හඳුන්නෙත්ති මාලා මංගලිකා නැමැති විදුහල්පතිනිය මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

සැකකාරිය බන්ධනාගාරාධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර අල්ලස් දූෂණ විමර්ශන කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, පාසල් සංවර්ධන සමිතියේ භාණ්ඩාගාරිකවරයාගෙන්, පාසලේ මූරකරුගෙන් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන් ප්‍රකාශ සටහන් කිරීමට තිබෙන බවයි.

2025 වසර පළමු ශ්‍රේණියට ළමුන් පාසලට ඇතුලත් කර ගැනීමේ සම්මුඛ පරීක්ෂණයේ දී ලකුණු 39ක් ලබාගත් දරුවාගේ මවගෙන් මෙම අල්ලස් මුදල විදුහල්පති කාමරයේදී ලබා ගැනීමේදී පසුගිය 07 වැනි දින සැකකාරී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණා.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ මෝහන් සෙල්ලපෙරුම මහතා අධිකරණය කරණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සියලු සාක්ෂි අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගෙන ඇති හෙයින් ඕනෑම කොන්දේසියක් යටතේ සැකකාරියට ඇප ලබා දෙන ලෙසයි.

සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට විදුහල්පතිනියට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මුරකරුගෙන් හා සංවර්ධන සමීතියෙන් සාක්ෂි ලබා ගැනීමට ඇති හෙයින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

විමර්ශන ප්‍රගතිය ලබන 06 දිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES