25.4 C
Colombo
Saturday, November 23, 2024

නව ජනපතිට උපරිම සහාය දෙනවා – ජපාන තානාපති

- Advertisement -

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ජපාන මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ද අපේක්ෂා කරන බවයි.

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්‍රශංසාව පළ කළ තානාපතිවරයා ශ්‍රී ලංකා නව රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බවද සඳහන් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES