25.6 C
Colombo
Saturday, November 23, 2024

හාල් රටින් ගෙන්වීම ගැන රජය දැඩි තීරණයක

- Advertisement -

නාඩු සහල්මෙට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට තීරණය කළේ වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව එළැඹෙන කැබිනට් හමුවට ඉදිරිපත් කරන බව ඔහු සදහන් කළා.

ඔහු මෙම අදහස් පල කළේ, කෘෂිකර්ම අමාත්‍යංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“නාඩු හිඟයක් වෙළෙඳපොළේ තියෙනවා. මිල පිළිබඳ ප්‍රශ්නෙකුත් තියෙනවා. නිෂ්පාදනය පැත්තෙන් බැලුවහම අවශ්‍ය ප්‍රමාණයට නාඩු සහල් තියෙන්න ඕනේ. නමුත් වෙළෙඳපොළට ඇවිල්ලා නෑ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි පිටරටින් හාල් ගේනවා. ඉන්දියාවෙන් ගේනවා. ඒ සම්බන්ධයෙන් අපි අමාත්‍යංශ දෙක ඒකාබද්ධ කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවා. කාටවත් මේක ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නෑ. අපි ප්‍රශ්නේ විසඳනවා. අතරමැදියන්ට අපි ගසා කන්න ඉඩ තියන්නේ නෑ. අපිට මහා පරිමාණ මෝල් හිමියන් සමග ප්‍රශ්නයක් නැහැ. නමුත් වෙළෙඳපොළේ හිඟයක් තිබෙනවා නම් හැබැයි නිෂ්පාදනයත් ඇවිල්ලා තියෙනවා නම් ඒ ගොල්ලෝ ළඟ තමයි තියෙන්න ඕන. ඒ නිසා අපි අනිවාර්යෙන්ම අපි පාර්භෝගිකයයි ගොවියා ගැනයි හිතලා අවශ්‍ය පියවර ගන්නවා. අනිවාර්යෙන්ම උත්සව සමයට කිසිම හිඟයක් තියන්නේ නෑ. සදාකාලික උත්තර අපි ළඟ නෑ.”

RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES