25.6 C
Colombo
Saturday, November 23, 2024

කොලොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවැසියන් විරෝධතාවයක

- Advertisement -

කොලොන්නාව ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ඊයේ (21) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා.

එහි පවතින මහල් නිවාස තුනෙන් එකක විදුලි සෝපානයක ඇති වූ විදුලි කාන්දුවක් ගින්නට හේතු වී ඇති අතර ගිනි නිවන රථ කිහිපයක් පැමිණ ගින්න මැඩපවත්වා තිබෙනවා.

ගිනිගැනීමෙන් දේපල හානි රැසක් සහ ජන ජීවිතයටද බාධා එල්ල වී තිබෙන අතර මහල් නිවාස හිමියන් චෝදනා කරන්නේ මෙම ආපදා තත්ත්වය හමුවේ කිසිදු වගකිව යුතු නිලධාරියෙක් මැදිහත් නොවූ බවයි.

ඔවුන්ට අවශ්‍ය පහසුකම් මේ දක්වා සපයා නොමැති අතර ඒ හේතුවෙන් උණුසුම් තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

නිවාස හිමියන්ගේ විදුලිය, ජලය ආදී යටිතල පහසුකම් මේ වන තෙක් යථා තත්ත්වයට පත් වී නොමැති අතර ආහාර හිගතාවයකට පවා තමන් මුහුණ දෙන බව මහල් නිවාස හිමියන් පවසනවා.

පාසල් දරුවන්ගේ පාසල් ගමන අඩාල වී ඇති අතර රැකියා සදහා පිටත් වීමද අඩාල වී තිබෙනවා.

ලක්සද සෙවණ මහල් නිවාස සංකීර්ණය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ආක්‍රමණයට ලක්ව ඇති බවත් නිසියාකාර නඩත්තුවක් සිදු නොවන බවටත් මහල් නිවාස හිමියන් දැඩි සේ චෝදනා කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ගින්නෙන් විපතට පත් වූ තමන්ට සහනයක් සලසා දෙන ලෙසත් මහල් නිවාස සංකීර්ණයේ පවතින ගැටළුවලට ඉක්මන් සහ ස්ථීර විසදුම් ලබාදෙන ලෙසයි.


RECENT ARTICLES - SINHALA

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES