25.6 C
Colombo
Saturday, November 23, 2024

මම එනවට අකමැති සභාපති හාදයා කවුද ?

- Advertisement -

තමන්ට රනිල් වික්‍රමසිංහ පෙනෙනා බවත් ඔහු කීප දෙනෙකුගේ ප්‍රාණ ඇපකරුවෙක් වී ඇති බවත් සිලින්ඩරයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඊයේ (21) දිවුරුම් දී පැමිණි රවී කරුණානායක මහතා අද (22) මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියා.

එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් වු තමන් ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්වනවාට කැමති නැති බව පැවසිමට සභාපති හාදයා කවුදැයි රවී කරුණානයක මහතා විමසා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා විසින් රවී කරුණානායකව ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට නම් කිරීම පිළිබඳව දිගින් දිගටම ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දෙමින්.

තවදුරටත් අදහස් දැක්වමින් රවී කරුණානායක මහතා පවසා සිටියේ පක්ෂය සමග ඇතිවුන මෙම ගිවිසුම ගැන වජිර අබේවර්ධන නොදන්නවා වුවද රනිල් වික්‍රමසිංහ දන්නා බවයි.

එහිදි අදහස් දැක්වු රවී මහතා,

ඇත්ත වශයෙන්ම මට මේ වෙලාවෙදි රනිල් වික්‍රමසිංහ ගැනත් පේනවා. එතුමා ප්‍රාණ ඇපකරුවෙක් බවට දෙන්නෙක් තුන්දෙනෙක් විසින් පත් කරලා තියන එක. මේක මේ ට්‍රයිෂෝ එකක් වගේ අරන් හයර් එකට දුවනවා වගේ පක්ෂයක් නෙමෙයි. ඒ වගේ අවුරදු විස්සක් වැඩ කරලා තියනකොට ඇයි මේ අවස්ථාවේ දී විතරක් ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ.මේක නායක තුමා විසින්ම මේක ප්‍රකාශ කළාට පස්සේ තත්ත්වය සම්පුර්ණයෙන් වෙනස් වුනා. මොකද මේ අය දැනගත්තා පසුව ගිවිසුමක් තියනවා කියලා. මොකද මම යූඑන්පී කාරයෙක් නොවෙයිද… ( මේ පත් කිරීමට) යූඑන්පී අනූනවයි ශදම නවයක් කැමතියි. සභාපති කියලා තිබ්බා අපි රවීට කැමති නැහැයි කියලා. කවුද මේ හාදයා කියන්නේ එහෙම.පක්ෂය නැති කරලා තියෙන්නේ දෙන්නෙක් තුන්දෙනෙක්ගෙ කල්ලිය නිසා.

RECENT ARTICLES - SINHALA

අද කාලගුණය

අද (23) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ...

Whatsapp සමාගමෙන් නව විශේෂාංගයක්

Whatsapp සමාගම මගින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සූදානම් වනවා. මෙම විශේෂාංගය යටතේ කෙනෙකු වෙත යොමු කරනු ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවීමට...

ඉන්දීය ධීවරයින් වහා නිදහස් කරන්න – තමිල්නාඩු මහ ඇමති

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහා නිදහස් කළ යුතු බව ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්.කේ. ස්ටාලින් ඉන්දීය මධ්‍යම රජය...

POPULAR ARTICLES