කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගයේ කඹුරාපොල පාලම අසලින් කුලියාපිටිය දෙස සිට හෙට්ටිපොල දෙසට ධාවනය වූ ජීප් රථයක් බුත්ගමුව ඔයට වැටීමෙන් සිදු වූ අනතුරින් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
දොඹකරයක් ආධාරයෙන් ඔයට වැටී තිබූ ජිප් රථය ගොඩට ගෙන ඇති අතර, රථය තුළ සිර වී සිටි තරුණයින් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී ඔවුන් මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
මරණකරුවන් අවුරුදු 25 හා 27 වයස්වල පසුවන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මොවුන් දෙදෙනා සහෝදරයන් බවට අනාවරණය වී තිබෙනවා.
මෙම අනතුර සිදු වූ ස්ථානය වංගු සහිත ස්ථානයක් වන අතර, රථය පාලනයෙන් මිදී මාර්ගය අයිනේ ඇති ඔයට වැටී ඇති බවට දැනට සිදු කරනු ලැබූ පරීක්ෂණ අනුවයි අනාවරණය වී ඇත්තේ.
මෘත ශරීර කුලියාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, කුලියාපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.