27.6 C
Colombo
Saturday, November 23, 2024

කොස්ලන්දේ මළසිරුරේ අබිරහස හෙළිවෙයි

- Advertisement -

කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ඊයේ (22) ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබුණා.

තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හා බලහරුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනයට ලක්වූ පුද්ගලයා කොස්ලන්ද ප්‍රදේශයේ කැලෑවට රැගෙන ගොස් ගෙලකපා ඝාතනය කර වල දමා තිබියදී යි තණමල්විල මූලාස්ථාන පොලිසිය විසින් ඊයේ දහවල් සොයාගෙන තිබුණේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තණමල්විල අරඹෙකෙම පදිංචි 35 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

මිය ගිය පුද්ගලයාගේ මව විසින් පසුගිය 18 වන දින තණමල්විල පොලිසියට පැමිණි සිය පුත්‍රයා දින කිහිපයක් තිස්සේ ආගිය අතක් නොමැති බවට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

එහිදි සිය පුත්‍රයා හම්බෙගමුව සූරියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමග අනියම් සබධාතාවයක් පවත්වාගෙන ගිය බවයි ඇය පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.

ඒ අනුව තණමල්විල පොලිසිය අදාල කාන්තාවගේ නිවසට ගොස් මේ පිළිබදව ප්‍රශ්න කර ඇති අතර එහිදි එම කාන්තාව පොලිසියට පවසා ඇත්තේ ඝාතනයට ලක් වු පුද්ගලයාගේ කැබ් රථය තම නිවසේ නවතා ගිය බවත්, යන ස්ථානයක් පිළිබදව කිසිවක් නොකියූ බවයි.

ඒ අනුව තණමල්විල පොලිසිය වැඩිදුරටත් සිදු කළ විමර්ෂණවලදි අනාවරණය වුයේ මෙම කාන්තාවට බලහරුව ප්‍රදේශයේ තවත් අනියම් සැමියෙකු සිටින අතර ඝාතනයට ලක් වු පුද්ගලයා එම පුරුෂයා සමග යතුරු පැදියකින් කොස්ලන්ද දෙසට ගොස් ඇති බවයි.

පොලිසිය යළිත් එම කාන්තාව පොලිසියට ගෙන්වා සිදුකල ප්‍රශ්න කිරීමේදී එම කාන්තාව විසින් අනෙක් අනියම් සැමියාගේ තොරතුරු ලබා දි තිබෙනවා.

එම කාන්තාවගේ ප්‍රකාශ අනුව බලහරුව පදිංචි 46 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇති අතර එහිදී එම සැකකරු පොලිසියට පවසා ඇත්තේ මෙම කාන්තාව සමග තමන්ගේ අනියම් සබධතාවයක් පවතින බවයි.

ඝාතනය කෙරුණු පුද්ගලයාගෙන් ඇයට කරදර තිබූ අතර එම කාන්තාවගේ ඉල්ලීම පරිදි මරණකරු සමග සුහදත්වයක් ගොඩනගාගෙන කොස්ලන්ද ප්‍රදේශයේ ගංජා හේනක් සකස් කිරිමට බව පවසා රැගෙන ගොස් කැලය තුළදි කැත්තකින් ගෙල කපා ඝාතනය කළ බවට ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.

ඔහු ඝාතනය කිරීමෙන් පසු ඔළුව කදින් වෙන් කර වෙනම ස්ථානයක වල දැමූ බවත් සිරුරේ ඉතිරි කොටස ඇලක් ආසන්නයේ දමා ගිය බවත් තමන් රැගෙන ගිය කැත්ත හා උදැල්ල කැලයේ සගවා ආ බවත් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුගේ මගපෙන්වීම මත ඝාතනයට ලක් වු පුද්ගලයාගේ සිරුර සොයා ගැනීමට පොලිසිය කොස්ලන්ද ප්‍රදේශයට ගොස් තිබෙනවා.

එහිදී ඝාතනය කර දමා සිටි පුද්ගලයාගේ ශරීර හා වල දමා තිබූ හිස කොටස මෙන්ම කැලයේ සගවා තිබූ කැත්ත හා උදැල්ලද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකාර අනියම් බිරිය හා බලහරුව පදිංචි සැකකරු සමග යතුරු පැදිය හා කැබ් රථය පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

තවත් ජාතික ලැයිස්තුවේ නමක් ගැසට් කරයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මුහම්මදු සාලි නලීම් නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම...

POPULAR ARTICLES