27.6 C
Colombo
Saturday, November 23, 2024

තවම භාරදීලා නැති මන්ත්‍රී නිල නිවාසවලට වෙන දේ මෙන්න

- Advertisement -

මෙතෙක් භාරදී නොමැති පාර්ලිමේන්තු නිල නිවාසවලට පෙර දැනුම්දීමකින් තොරව ජලය සහ විදුලි සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ඊයේ (22) පවස්වරුව වන විට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 70කට වැඩි පිරිසක් සිය නිල නිවාස භාරදී ඇති බවයි පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය සඳහන් කරන්නේ.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ තවමත් සිය නිල නිවාස ආපසු භාර දී නොමැති බව වාර්තා වනවා.

තවමත් එම නිවාස වල රැඳී සිටින මන්ත්‍රීවරු අතර මෙවර පාර්ලිමේන්තුවට නැවත තේරී පත් වූ මන්ත්‍රීවරු 26 දෙනෙක් ද වනවා.

මේ අතර නවක මන්ත්‍රීවරුන් 35කට අධික පිරිසක් නව නිල නිවාස සඳහා අයදුම්පත් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය අනාවරණය කළා.

RECENT ARTICLES - SINHALA

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

වේයන්ගොඩ නිධානය සොයා කළ කැණීම් අවසන්

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන්...

POPULAR ARTICLES