27.6 C
Colombo
Saturday, November 23, 2024

අස්ගිරි පාර්ශ්වයෙන් රජයට විශේෂ ඉල්ලීමක්

- Advertisement -

භික්ෂූන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වා ගැනීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාට බලය ලැබෙන පරිදි සියලු නිකායන්වල වගන්ති සංශෝධනය කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස අස්ගිරි පාර්ශ්වය රජයෙන් ඉල්ලා තිබෙනවා.

මල්වතු සහ අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීම සඳහා නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් වන විජිත හේරත් සහ කේ.ඩී ලාල්කාන්ත යන මහත්වරුන් පැමිණි අවස්ථාවේදී එම පාර්ශ්වයේ පූජ්‍ය මැදගම ශ්‍රී ධම්මානන්ද හිමි මෙම ඉල්ලීම සිදුකරනු ලැබුවා.

“විහාර දේවාලගම් පනතේ 41 සහ 42 වගන්තියට සංශෝධන වගයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතිං අපි අවසාන වශයෙන් අපේ මහානායක හාමුදුරුවරු අත්සන් කරලා ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වෙන්නේ කථිකාවතක් අවශ්‍ය වෙන්නේ නෑ මේ තුළින් මේ කාරණය කරගන්න. භික්ෂුන් වහන්සේලාගේ අගෝචර චර්යා රටාවන් වළක්වාගන්න අපේ මහානායක හාමුදුරුවන්ට බලය ලැබෙන විදියට සියලු නිකායවල ඒ විදිහේ වගන්ති සංශෝධනයක් තමයි ඇතුළත් කරලා තියෙන්නේ. ඒක ඉක්මන් කරගත්තොත් හොඳයි.”

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES