26 C
Colombo
Saturday, November 23, 2024

දොස්තර සාෆි ගැන විමර්ශන කළ DIG දෙදෙනාට වැඩ වරදියි

- Advertisement -

ජාතින් අතර අසමගිය ඇතිකිරීම සඳහා සැලසුම්සහගතව හාා කුමන්ත්‍රණකාරීව ව්‍යාජයක් ප්‍රකාශයක් සිදු කරමින් තමාව අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සහ කූඨලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය සාෆි සහබ්දීන් මහතා පසුගිය 7 වැනිදා මහජන ආරක්ෂක අමාත්‍යංශයට කළ පැමිණිල්ලකින් පසුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශනයක් යටතේ මෙම ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.

ඒ අනුව වයඹ පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් හා නුවර දිසාව භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්වරුන්ගෙන් විමර්ශනයට අදාළව ඉදිරියේදී ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙනවා.

මවුවරුන් 1000ක් පමණක්ම වඳ භාවයට පත් කළ බව කියමින් නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටි කිත්සිරි ජයලත් මහතා යටතේ ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් 2019 වසරේ මැයි 25 වැනිදා වෛද්‍යවරයා අත්අඩංගුවට ගනු ලැබීමට පාදක කරගත් සාක්ෂි ද පෙරදාතම යොදා සකස් කර ඇති බවට අනාවරණය වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙසේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීමට පදනම් කරගත් බව කියන වාර්තාවකට සාක්ෂි 10ක් අන්තර්ගතව තිබී ඇති අතර ඒවායින් නවයක්ම පෙරදා තම යොදා සකස් කර ඇති බවට දැනට කළ විමර්ශනයේදී කරුණු අනාවරණය වී තිබෙනවා.

සිසේරියන් සැත්කම කිරීමේදී මව්වරුන් වඳ භාවයට පත් කරන බවට ඇතැම් පාර්ශව විසින් චෝදනා එල්ල කරනු ලැබූූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජේෂ්ඨ නේවාසික වෛද්‍ය සේතූ ශිහබ්දීන් මොහොමඩ් සාෆි මහතා ඊට අදාල නඩුවෙන් නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය 6 වැනිදායි.

අධිකරණය මේ නියෝගය කළේ වසර පහකටත් අධික කාලයක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවල උද්ධෘත අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීමට සාක්ෂි නැති හෙයින් ඔහුට එරෙහිව ඉදිරි පියවර ගැනීමට බලාපොරොත්තු නොවන බව නීතිපතිවරයා අධිකරණයට සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම් දීමෙන් පසුවයි.

වෛද්‍ය සාෆි ශිහබ්දීන් විසින් වඳ භාවයට පත් කරන ලදැයි සැක කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ මව්වරුන් 130කට ආසන්න පිරිසකට නැවත දරුවන් පිළිසිද ගෙන ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබුණා.

RECENT ARTICLES - SINHALA

සෞඛ්‍ය ඇමති මහනුවර ගියේ නැහැ – සෞඛ්‍ය අමාත්‍යාංශය

අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි  පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ...

වාහන ආනයනය ගැන IMF වෙතින් ප්‍රකාශයක්

වාහන ආනයන සීමා ඉවත් කිරීම මඟින් රාජ්‍ය ආදායම් ඉහළ නැංවීමේ අවස්ථාවක් උදා වූවත් එය රටේ සංචිත පිළිබඳව අවධානය යොමුකර පරික්ෂාකාරීව  කළමනාකරණය කළ යුතු බව...

කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව මේ වනවිට අඩුපීඩන කලාපයක් නිර්මාණය වී ඇති  බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ එය තවදුරටත් බටහිරට බරව...

POPULAR ARTICLES