අනිද්දා සිට ආරම්භ වන උසස් පෙළ විභාගයේ දී විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතය සදහා අවසර හිමිවන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර අවධාරණය කළා.
එම දෙපාර්තමේන්තුවේ අද (23) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.
එහිදී ඔහු සඳහන් කළේ, සහකාර ශාලාධිපතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට මෙවර ජංගම දුරකතන භාවිතයට අවසර හිමි නොවන බවයි.
එමෙන්ම අ.පො.ස උසස් පෙළ විභාගය සදහා මේ වන විට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ප්‍රකාශ කළා.
ඔහු සඳහන් කළේ, මුල් දින 06ට අදාළ විභාග ප්‍රශ්න පත්‍ර අද විභාග මධ්‍යස්ථාන වෙත යොමු කරන බවයි.