අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර රජයේ රෝහලක නිරීක්ෂණ චාරිකාවක නීරත වෙමින් එහි පරික්ෂා කිරීම් සිදු කර අඩුපාඩු පෙන්වා දුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදු වන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු මෙතෙක් කිසිදු රෝහලක නිරීක්ෂණයකට එක්වී නැති බවයි .
නලින්ද ජයතිස්ස මහතා ඊයේ (22) දිනයේ කොළඹ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැදී සිටිමින් රාජකාරීවල නිරත වූ බැවින් අමාත්‍යාංශ පරිශ්‍රයෙන් බැහැරව යාමට අවස්ථාවක් හිමිවූයේ නැති බව එම නිවේදනයේ සඳහන්.
එබැවින් මහනුවර හෝ දිවයිනේ කිසිදු රෝහලක නිරීක්ෂණයට එක්වීමට අවස්ථාව තිබුණේ නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.
මෙවැනි තත්ත්වයක් යටතේ සාවද්‍ය ප්‍රචාර ගෙනියමින් අදාළ ආයතන හා මහජනතාව නොමග යැවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලෙක්ම් දීප්ති විජේතුංග මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.