පස්සර – බිබිල මාර්ගයේ 13 කණුව ආශ්රිත එක් මංතීරුවක් රථ වාහන ධාවනය සඳහා අද විවෘත කර තිබෙනවා.
එම මාර්ගයේ රථ වාහන ධාවනය අත්හිටවනු ලැබුවේ, පසුගිය 18 වැනිදා සිදු වූ නාය යෑමක් හේතුවෙන්.
ඒ අනුව, උදෑසන 6.30 සිට පස්වරු 6.00 දක්වා පමණක් අද සිට මාර්ගය විවෘතව තැබෙන බව බදුල්ල දිස්ත්රික් ලේකම් ප්රභාත් අබේවර්ධන මහතා සඳහන් කළා.