24.5 C
Colombo
Monday, November 25, 2024

මැතිවරණ කොමිසම යළි වැඩ අරඹයි

- Advertisement -

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේදී රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා.

නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ කොමිසම මෙලෙස රැස්වීමට නියමිත අතර මහ මැතිවරණය අවසන් වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව රැස්වන පළමු අවස්ථාව මෙයයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් අධිකරණය විසින් තීන්දුවක් ලබා දීම හේතුවෙන් මෙම මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි මැතිවරණ කොමිෂන් සභාවේ ද අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව සඳහන් කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මින් පෙර සඳහන් කර තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු අවසන් වු වහාම හැකි ඉක්මනින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට දින නියම කිරීම සඳහා කටයුතු කරන බවයි.

RECENT ARTICLES - SINHALA

සිය පුතු අපයෝජනය කළ පියෙක්ට වසර 8ක දඬුවමක්

විහාරස්ථානයක පැවති වෙසක් කලාපයක් තුළ පිහිටි කුටියක් තුළ දී වෙසක් කූඩුවක් සාදමින් සිටි 11 හැවිරිදි පිරිමි දරුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය...

මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය සකස් කිරීමට විදුලිබල මණ්ඩලය යළි කල් ඉල්ලීමට අදාළව සිය ප්‍රතිචාරය අද(25) යොමු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. එම කොමිසම සඳහන්...

නුවරඑළිය ගොල්ෆ් පිටියේ ඉපැරණි රූස්ස ගස් විනාශ කිරීම ගැන පොලිස් විමර්ශන

නුවරඑලිය ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස් ඇතුළු නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු රුස්ස ගස් පනහක බඳෙහි පොතු ගලවා කළු තෙල් තවරා ගස් විනාශ...

POPULAR ARTICLES