මේ දිනවල පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් රාංජාගනය ජලාශයේ ජල ධාරිතාව ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, රාජාංගනය ජලාශයේ දොරටු දෙකක් අඩි 5 බැගින් ද දොරටු දෙකක් අඩි 4 බැගින් සහ දොරටු දෙකක් අඩි 2 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මේ තුළින් තත්පරයට ඝන අඩි 6100 ක ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.
මේ අතර, අංගමුව ජලාශයේද දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර ඒ තුළින් තත්පරයට ගන අඩි 1800 ජලධාරිතාවක් කලා ඔයට මුදා හැරීමට පියවර ගෙන තිබුණා.