24.5 C
Colombo
Monday, November 25, 2024

ගිනි අවි ගැන ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

- Advertisement -

සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.

විගණනයෙන් පසු හඳුනා ගන්නා පුද්ගලයින්ට යළි ගිනි අවි භාරදීමට පියවර ගන්නා බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරනවා.

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි සහ පතොරම් කඩිනමින් භාරදෙන්නැයි, ආරක්ෂක අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභා මන්ත්‍රීවරුන්ට, විවිධ දේශපාලන පක්ෂ නායකයන්ට, දේශපාලන සංවිධානවලට මෙන් ම විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ටද ජීවිත ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත් කර තිබූ පිස්තෝල, රිවෝල්වර් හා පතරොම් තුවක්කු දෙසැම්බර් මස 30 වන දිනට පෙර ළඟ ම තිබෙන පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දැනුම් දීමක් නිකුත් කළා.

RECENT ARTICLES - SINHALA

මීගමුව කලපුවේ අතුරුදන් වූ දියණියගේ මළ සිරුර සොයා ගනී

මීගමුව, මුන්නක්කරෙයි කලපුව ආශ්‍රිතව බෝට්ටුවක් පෙරළීමෙන් අතුරුදන්වූ දියණියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා. සිද්ධියෙන් අතුරුදන්වූ පියා මෙතෙක් සොයා ගෙන නොමැති බව පොලීසිය පැවසුවා. මීගමුව , මුන්නක්කරෙයි...

පක්ෂ නායකකම දුන්නොත් සිරිකොතට එන්න සූදානම් – හර්ෂණ

රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් එකට එක්විය යුතු බවත් ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාට සමඟි...

ඉන්දීය සංචාරකයින් වෙනුවන් විවර වෙන ‘රාමායණ මංපෙත’

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉන්දීය සංචාරකයින් සඳහා සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. ඒ, මෙරට සංචාරය කරන ඉන්දිය සංචාරකයින් සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණින්. හින්දු වීර කාව්‍යය වන...

POPULAR ARTICLES