පසුගිය රජය සමයේ හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර, කැබිනට් පටිපාටියට පටහැනිව යමින් සිදු කළ ක්‍රියාවක් හේතුවෙන් කොරියානු E8 වීසා ගැටලුව උද්ගතව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය චෝදනා කරනවා.
එහි සභාපති කෝසල වික්‍රමසිංහ අද (25) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් සඳහන් කළේ මෙමගින් විශාල ලෙස මුදල් වංචා කිරීම් ද සිදුව ඇති බවයි.
කොරියානු E8 වීසා කාණ්ඩය යටතේ තමන්ව ලියාපදිංචි කර නොගන්නා බව පවසමින් රැකියා බලාපොරොත්තුවෙන් සිටි පිරිසක් ආරම්භ කර සත්‍යග්‍රහය අද තුන්වන දිනයටත් ක්‍රියාත්මකයි.
ඊයේ රාත්‍රීයේත් එම පිරිස විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල රැඳී සිටියා.
එමෙන්ම අදාළ පිරිස සිය ගැටළුවට විසදුම් ඉල්ලා අද උදෑසන විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබුණා.