25.1 C
Colombo
Monday, November 25, 2024

මහජන උපයෝගීතා කොමිසමෙන් නිවේදනයක්

- Advertisement -

විදුලිය ගාස්තු සංශෝධන යෝජනාවලිය සකස් කිරීමට විදුලිබල මණ්ඩලය යළි කල් ඉල්ලීමට අදාළව සිය ප්‍රතිචාරය අද(25) යොමු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එම කොමිසම සඳහන් කළේ, ගාස්තු සංශෝධන යෝජනාවලිය සකස් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය මීට පෙර අවස්ථා දෙකකදී කල් ඉල්ලූ බවයි.

ඒ අනුව අදාළ යෝජනාවලිය ලබා දීම මාසයක කාලයක් ප්‍රමාද වී තිබෙනවා.

මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ, ඒ හේතුවෙන් විදුලිය ගාස්තු සංශෝධනයක් මේ වසරේ සිදුකිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි.

පසුගිය 22 වැනිදාට පෙර ගාස්තු සංශෝධන යෝජනාවලිය ලබාදෙන්නැයි මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවස්ථාව සලසා දී තිබුණා.

එහෙත් විදුලිබල මණ්ඩලය යළි ලිඛිතව දැනුම් දී ඇත්තේ, තවත් සති 2ක් ලබා දෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

අර්ජුන ඇලෝසියස්ට තවත් නඩුවක්

බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගෙන...

සජිත්ගේ පුටුවේ වාඩි වුණ අර්චුනා සමාව ඉල්ලලා

10 වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා එම සිදුවීම සම්බන්ධව සමාව අයැද...

ඉදිරි පැය 24ට කාලගුණයෙන් රතු නිවේදනයක්

දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද...

POPULAR ARTICLES