ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉන්දීය සංචාරකයින් සඳහා සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ, මෙරට සංචාරය කරන ඉන්දිය සංචාරකයින් සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණින්.
හින්දු වීර කාව්‍යය වන රාමායනය හා සම්බන්ධ මෙරට වැදගත් ස්ථාන 50 ක් ඇතුළත් “රාමායණ මංපෙත” හඳුන්වාදීම මෙම නව වැඩසටහනයි.
සීතා මාතාව වහල්භාවයේ සිටියදී වන්දනාමාන කළ බව පැවසෙන සීතා අම්මාන් දේවාලය, හනුමාන් විසින් හෙළන ලද හිමාලයේ කොටසක් යැයි සැලකෙන රූමස්සල කන්ද දක්වා ස්ථාන රැසක් මෙයට ඇතුළත්.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් පවසන්නේ මෙම සංකල්පය ප්‍රවර්ධනය කර ඉන්දියාවට රාවණා මංපෙත විවෘත වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවයි.
මෙමඟින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නව තලයකට ගෙන ඒමට මෙමගින් හැකිවනු ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.
2024 ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් අතරින් වැඩි පිරිසක් ඉන්දියානුවන් වන අතර එහිදී ඉන්දීය සංචාරකයින් 36,000ක් පමණ මෙරටට පැමිණ ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.