දිවයින වටාවන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (26) පස්වරු 04:00 දක්වා පැය 24 කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය අද (25) උදෑසන මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව එම නිවේදනයේ සඳහන්.
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසන්නේ එම පද්ධතිය අද පෙ.ව 1130 පමණ වනවිට ත්‍රිකුණාමලයට කී.මී. 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබූ බවයි.
එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව, අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.