25.2 C
Colombo
Tuesday, November 26, 2024

2025 පළමු මාස හතරකට අතුරු සම්මත ගිණුමක්

- Advertisement -

2025 වර්ෂයේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මාස 04ක කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රජය පවසන්නේ 2024-11-21 දින අභිනව පාර්ලිමේන්තුව රැස් වූ නමුත්, 2025 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට අදාළව ව්‍යවස්ථාපිතව නියම වී ඇති පියවරයන් අනුගමනය කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොපවතින බවයි.

ඒ අනුව, 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ 23 (1) අනුව ගන්තියෙහි දක්වා ඇති පරිදි 2025 වර්ෂයේ මුල් මාස 04 ක කාලසීමාව සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතුව තිබෙනවා.

ඒ අනුව, 2025 වර්ෂයේ ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම සකස් කිරීම සඳහා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

ඩලස්ගෙන් අනුරට ලියුමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර...

වැඩිවෙන වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම...

මහ ඡන්දේ ආදායම් සහ වියදම් වාර්තා භාරනොදුන්නොත් නඩු

මහ මැතිවරණයේදී තරඟ කළ අපේක්ෂකයින් නියමිත දිනට සිය ආදායම් සහ වියදම් වාර්තා භාරදීමට කටයුතු කළයුතු බවත් එසේ නොකරන අපේක්ෂකයින්ට නඩු පැවරීමට පියවර ගන්නා බවත්...

POPULAR ARTICLES