25.1 C
Colombo
Tuesday, November 26, 2024

මැතිවරණ වියදම් වාර්තාව පාර්ලිමේන්තුවට

- Advertisement -

පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

2024 අංක 44 දරනා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 52 වන වගන්තිය ප්‍රකාරව පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරනු ලබන අතර, පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගැනීම පිණිස මහ මැතිවරණයක් පැවැත්වීමට නියම කරමින් ප්‍රකාශනයක් හෝ ආඥාවක් ප්‍රසිද්ධ කර සති තුනක් ඇතුළත රටේ මුල්‍ය කත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් භාණ්ඩාගාර ලේකම් විසින් මහජනතාවට ඉදිරිපත් කළ යුතුයි.

එකී වාර්තාව 2024-10-14 දින මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරනු ලබනවා.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් 50 වන වගන්තිය ප්‍රකාරව ආණ්ඩුවේ මුල්‍ය ක්‍රමෝපායෙහි දක්වා ඇති මූල්‍ය ක්‍රමෝපාය සසඳමින් ආණ්ඩුවේ වසර මැද මූල්‍ය කාර්ය සාධනය ඇගයීමේ පදනමක් වශයෙන් යොදා ගනු ලබන තොරතුරු ඇතුළත් වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව අදාළ වසරේ ඔක්තෝබර් මස අවසන් දින හෝ අදාළ වසරේ විසර්ජන පනත සම්මත කර මාස 10ක් ගත වීම හෝ යන දින දෙකෙන් පසුව එළඹෙන දිනයේදී මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා විසින් මහජනතාව වෙත ඉදිරිපත් කළ යුතුයි.

එම වාර්තාව 2024-10-31 දින මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ කර තිබෙනවා.

ඒ අනුව, පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව – 2024 සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව – 2024 පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

RECENT ARTICLES - SINHALA

තහනම් සංවිධාන සමරන්න ඉඩ දෙන්නෙ නැහැ

තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිඳු ඉඩක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසුවා. උතුරේ සිදුකළ බව...

මාතර ගංවතුර තත්ත්වය ගැන දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වයක් සමඟ මාතර දිස්ත්‍රික්කය තුළ පැවති සුළු ගංවතුර තත්ත්වය මේ වන විට පහව යමින් පවතින බව මාතර ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. නිල්වලා...

මෛත්‍රී අල්ලස් කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා. රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු...

POPULAR ARTICLES