25.2 C
Colombo
Tuesday, November 26, 2024

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන දින දෙකක විවාදයක්

- Advertisement -

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පවත්වන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අභිනව පාර්ලිමේන්තුවේ පළමු පක්ෂ නායක රැස්වීම ඊයේ (25) පාර්ලිමේන්තුවේදී පවත්වා ඇති අතර එහිදී පක්ෂ නායකයන් එක්ව මෙම එකඟතාවයට එළඹී තිබෙනවා.

ඔහු සඳහන් කළේ දෙසැම්බර් 03 වනදා සහ 04 වනදා යන දින දෙකෙහි එම විවාද පවත්වන අතර විවාදයෙන් පසුව ඡන්ද විමසීමක් සිදු කිරීමට පක්ෂ නායකයින් තීරණයකට පැමිණි බවයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව  පක්ෂ අදහස් මෙන්ම විපක්ෂ අදහස් ඇත්නම් ඒ පිළිබඳ ව ජනතාවට දැනගැනීමට අවස්ථාව ලබාදීම තමයි එම දින දෙකේදී ප්‍රධාන වශයෙන් අපේක්ෂා කරන බවද බිමල් රත්නායක මහතා පවසා තිබෙනවා.

මේ අතර, දෙසැම්බර් 05 වනදා සහ 06 වනදා අතුරු සම්මත ගිණුම පිළිබඳව යෝජනාව වාදවිවාද කරලා එය පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමටත් එහිදී එකඟ වී ඇති බව වාර්තා වෙනවා.

මෙම තුරු සම්මත ගිණුම මගින් 2025 අප්‍රේල් 30 දක්වා රජයේ කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් වෙන්කර ගැනීම සිදුවන අතර එය ඡන්දයකට යාමට බලාපොරොත්තු නොවන බව පක්ෂ නායකයින් පවසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

දැදුරු ඔය නිම්නයේ පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපයක කාලය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට...

ඩලස්ගෙන් අනුරට ලියුමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර...

වැඩිවෙන වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම...

POPULAR ARTICLES