25.9 C
Colombo
Tuesday, November 26, 2024

මෛත්‍රී අල්ලස් කොමිසමට

- Advertisement -

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (26) අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

රෝයල් පාක් ඝාතන සිද්ධියේ සැකකරුට පොදු සමාව ලබාදීමට  මුදල් ලබා ගත් බවට කියැවෙන සිද්ධියක් පිළිබඳව පුද්ගලයෙකු අල්ලස් කොමිසමට ඉදිරිපත් කළ පෙත්සමක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අද අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.

එම කොමිසම පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටින බවයි.

2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළ තරුණියක් ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට අභියාචනාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබුණා.

අනතුරුව මරණීය දණ්ඩනය පනවන ලද මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා සමාව ප්‍රදානය කර එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර තිබෙනවා.

2019 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා මෙම විත්තිකරුට නියම වී තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමින් ඔහු නිදහස් කරමින් සමාවක් ප්‍රදානය කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළා.

RECENT ARTICLES - SINHALA

දැදුරු ඔය නිම්නයේ පහත්බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය කිහිපයක කාලය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අයත් දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට...

ඩලස්ගෙන් අනුරට ලියුමක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නාමයෝජනා නැවත කැදවීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් නිදහස ජනතා සභාවේ නායක හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපති අනුර කුමාර...

වැඩිවෙන වැස්ස ගැන කාලගුණයෙන් නිවේදනයක්

මේ දිනවල දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්වය මත කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම...

POPULAR ARTICLES