සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැවරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කර තිබෙනවා.
මෙලෙස එම අමාත්‍යාංශයට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පැවරීම සිදුකර ඇත්තේ නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් නිශ්චය කරන ලද අංක 2412/ 08 දරන ගැසට් පත්‍රයට ප්‍රකාරවයි.
මීට පෙර ජනාධිපවරයා විසින් අමාත්‍යවරුන් තිදෙනෙක් යටතේ පත් කළ කැබිනට් මණ්ඩලය විෂයන් පැවරීමේදී සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට නියමිත සමාගම යටතේ ලැයිස්තු ගත කිරීමට කටයුතු කර තිබුණා.
ඒ පිළිබඳව අප විසින් කල හෙළිදරව් කිරීම්වලින් පසුව ත්‍රිපෝෂ සමාගම සම්බන්ධයෙන් සමාජයේ විශාල ආන්දෝලනයක් මතුවුණා.