26.9 C
Colombo
Wednesday, November 27, 2024

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ

- Advertisement -

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබුණා.

මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමක්.

ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම්දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate: OPR) හඳුන්වා දෙනු ලැබුවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්කම් ආර්ථිකයේ පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීම සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නියමිත කාලසීමාවේදී සමාලෝචනය කර අවශ්‍යතාවය පරිදි සංශෝධනය කරනු ලබන බවද මහ බැංකුව පවසනවා.

මෙම ප්‍රතිපත්ති වෙනස්කම තුළින් මූල්‍ය වෙළඳපොළ සහ පුළුල් ආර්ථිකය වෙත මුදල් ප්‍රතිපත්තිය දැනුම්දීම මෙන්ම සම්ප්‍රේෂණයවීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරෙනවා.

RECENT ARTICLES - SINHALA

සේවා දායකයෙක් නැති නඩුවක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව...

හිටපු ඇමතිලා 04ක් CIDයට කැඳවයි

කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරන සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වා රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම සඳහා තවත් හිටපු අමාත්‍යවරුන්...

විජේදාස CID එයි

හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒමට දුන් කැබිනට් මණ්ඩල...

POPULAR ARTICLES