26.9 C
Colombo
Wednesday, November 27, 2024

අයහපත් කාලගුණයෙන් දුම්රිය ගමනටත් බාධා

- Advertisement -

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ සහ මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමනය සීමා කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මඩකලපුව මාර්ගයේ දුම්රිය ගමනාගමය පොළොන්නරුව දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බවයි.

උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනය නානුඔය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වැඩිදුරටත් පැවසුවා.

මේ අතර උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටී තිබෙනවා.

ඒ සමඟ සිදුවීමට ගිය දුම්රිය අනතුරක් වළක්වා ගැනීමට හැකි වු බව හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග නඩත්තු අංශයේ ඉංජිනේරුවරයා පවසනවා.

කසළ කන්ද කඩා වැටුණු අවස්ථාවේදී දුම්රිය මාර්ග සංචාරක මුරකරු එය දැක ඒ පිළිබඳව කාර්යාලය දැනුවත් කිරීමෙන් පසු නානුඔය සිට කොළඹ දක්වා ධාවනය වු මගී ප්‍රවාහන දුම්රියක් නතර කර තිබෙනවා.

පසුව දුම්රිය මාර්ගයට වැටී තිබු කසළ කන්ද කපා ඉවත් කිරිමෙන් පසු එම දුම්රිය කොළඹ දක්වා ධාවනය කළ බව ඉංජිනේරුවරයා කියාසිටියා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට තවත් නඩුවක්

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමක වග උත්තරකරුවකු ලෙස...

මී උණ පැතිරීමේ අවදානමක්

මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා...

අගමැති හරිනි යටතට පැවරෙන ආයතන මොනවාද?

නව අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ වල විෂයයන් සහ කාර්යභාරයන් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඊයේ (26) ප්‍රකාශයට පත් කළා. අදාළ ගැසට් පත්‍රයට අනුව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන,...

POPULAR ARTICLES