26.8 C
Colombo
Wednesday, November 27, 2024

කැලණි සහ කලා ඔය අවට ගංවතුර අනතුරු ඇඟවීමක්

- Advertisement -

කැලණි ගංගා ද්‍රෝණිය සහ කලා ඔය ද්‍රෝණිය ආශ්‍රිතව ඉදිරි පැය 48 සඳහා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

කලා ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල ඇතැම් ප්‍රදේශවලට මේ වනවිට සැලකියයුතු වර්ෂාපතනයක් ලැබී තිබෙන බවයි පැවසෙන්නේ.

තවද, රාජාංගනය ජලාශයෙන් තත්පරයට ඝන අඩි 10000 කට ආසන්න ජල ප්‍රමාණයක් මුදාහරිමින් පවතින අතර මේ වනවිට ජලාශයට ලැබෙන ජල ධාරිතාව අනූව මෙම ප්‍රමාණය අද දහවල් කාලයේදී තවදුරටත් වැඩිකිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව සිට ඉදිරි පැය 48 දක්වා වූ කාලය තුළ නොච්චියාගම, රාජාංගනය, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කලා ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර, අද උදෑසන 10.00 වන විට කැලණි ගඟ ද්‍රෝණියේ මධ්‍යම සහ පහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

ඒ අනුව ඉදිරි පැය 48 ක කාලය තුළ සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් කැලණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට අනතුරු ඇඟවිම් නිකුත් කරනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ විභාගය ගැන

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්,...

රනිල්ට තවත් නඩුවක්

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමක වග උත්තරකරුවකු ලෙස...

මී උණ පැතිරීමේ අවදානමක්

මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා...

POPULAR ARTICLES