පවතින ආපදා තත්ත්වය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජලාශ භාර තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජලාශ භාර තාක්ෂණික නිලධාරීන් සේවා ස්ථානවල රැඳි සිටිය යුතු බවයි.
නිවාඩු ලබා සිටින එවැනි නිලධාරින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක පරිදි අවලංගු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරනවා.