26.9 C
Colombo
Wednesday, November 27, 2024

සමාජ මාධ්‍යයෙන් හිටපු රාජ්‍ය ඇමැතිට මඩ ගැසූ ව්‍යාපාරිකයාට සිරදඬුවම්

- Advertisement -

හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා සම්බන්ධයෙන් මහජනතාව නොමග යවන සුළු හඬපට වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ එන්. එම්. පාරිස් නමැති ව්‍යාපාරිකයාට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26) මාස හයක සිරදඬුවම් නියම කළා.

එම සිරදඬුවම ක්‍රියාත්මක කිරීම වසර පහක කාලයකට අත්හිටුවීමටද නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකරුට රුපියල් 5000ක දඩයක්ද නියම කර තිබෙනවා.

ඔහු විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අපහාස වන ආකාරයෙන් ප්‍රචාරය කර ඇති සියලුම ප්‍රකාශ වහාම ඉවත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබුණා.

2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ 24 වන වගන්තිය යටතේ කාදර් කාදර් මස්තාන් මහතා විසින් කර තිබූ පැමිණිල්ලක් සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එන්. එම්. පාරිස් නමැති එම ව්‍යාපාරිකයාට එරෙහිව මින්පෙර කොන්දේසි සහිත වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කාදර් මස්තාන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්‍රි මහතා පෙනී සිටියා.

RECENT ARTICLES - SINHALA

රනිල්ට තවත් නඩුවක්

පුරප්පාඩුව පැවැති අභියාචනාධිකරණ විනිසුරු ධූර සඳහා විනිසුරුවරුන් පත් නොකිරීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ඉල්ලා ගොනුකළ පෙත්සමක වග උත්තරකරුවකු ලෙස...

මී උණ පැතිරීමේ අවදානමක්

මෙම වසරේ මී උණ රෝගය හේතුවෙන් වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා...

අගමැති හරිනි යටතට පැවරෙන ආයතන මොනවාද?

නව අමාත්‍යවරුන්ගේ සහ අමාත්‍යංශ වල විෂයයන් සහ කාර්යභාරයන් විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඊයේ (26) ප්‍රකාශයට පත් කළා. අදාළ ගැසට් පත්‍රයට අනුව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන,...

POPULAR ARTICLES