හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන ඒමට දුන් කැබිනට් මණ්ඩල අනුමැතිය සම්බන්ධයෙන් එවක කැබිනට් අමාත්‍ය ධුරයෙහි කටයුතු කිරීම හේතුවෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මෙලෙස හිටපු අමාත්‍යවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් ලැබී තිබුණා.
අධිකරණය නියෝග කර තිබුණේ එවකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසට මෙලෙස බාල ඖෂධ ගෙන්වීම සඳහා අවසර දුන් කැබිනට් මණ්ඩලයම ගෙන්වා ප්‍රකාශ ලබාගෙන යළි පරීක්ෂණ සිදු කරන ලෙසයි.
ඒ අනුව අද උදෑසන 10ට පමණ හිටපු අමාත්‍යවරයා ප්‍රකාශයක් ලබාදීම වෙනුවෙන් පැමිණ තිබෙනවා.