26.8 C
Colombo
Wednesday, November 27, 2024

සේවා දායකයෙක් නැති නඩුවක්

- Advertisement -

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කිරීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිඥවරයකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව නියෝගයක් ඉල්ලා සිටි නඩුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී, තරිඳු ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිෂ්‍ය වේරගොඩ අධිකරණය හමුවේ පවසා සිටියේ, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව  නියෝගයක් ඉල්ලා සිටි නීතිඥවරයා (සංජීව ගමගේ), සේවාදායකයකුගේ උපදෙස් නොමැතිව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් යැයි කියමින් පෙනී සිටීම බරපතල තත්ත්වයක් බවයි.

මෙම නඩුව මෝසමක් මගින් කැඳවූ නීතිඥ සජීව ගමගේ මහතා පසුගිය නඩු දිනයේ අධිකරණයට දැනුම් දුන්නේ තමා පෙනී සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතිඥ මෝදිත මහතා වෙනුවෙන් බවයි.

අද මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේය තමා වෙනුවෙන් පෙනීසිට කරුණු දැක්වීමට කිසිවෙකුට තමා උපදෙස් දී නැති බවට නීතිඥ මෝදිත ඒකනායක මහතා මෝසමක් මගින් අධිකරණයට දැනුම් දී ඇති බවයි.

නීතිඥ මෝදිත මහතා තම නිවසට පැමිණ කෝපි පානය කළ බවත්, මෛත්‍රීපාල සිරිසේන මෙන් ඔහු වෙනස් වී ඇති බවත්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ පාර්ශ්වයෙන් නීතිඥ මෝදිත මහතාව මුදලට ගෙන ඇති බවත් නීතිඥ සජීව ගමගේ මහතා අද අධිකරණය හමුවේ පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළේ නීතිඥ සජීව මහතා අධිකරණය සහ නීතියේ ආධිපත්‍යය හෑල්ලුකරමින් වගකීම් විරහිතව කටයුතු කරන බවයි.

එහිදී  ඊට ප්‍රතිචාර දක්වමින් මෙම නඩුවේ සැකකරුවකු නම් කර නොමැති හෙයින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතාට පෙනී සිටීමට හැකියාවක් නොමැති බව නීතිඥ සජීව ගමගේ මහතා සඳහන් කළා.

එම අවස්ථාවේදී නීතිඥ වේරගොඩ මහතා පෙන්වා දුන්නේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව මෙම නඩුවේ නියෝග ඉල්ලා ඇති හෙයින් ඔහු වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

මෙම නඩුවට අදාළ ගොනුව ඊයේ (26) නීතිපති දෙපර්තමේන්තුවට යොමු කළ බවත්, ඉදිරියේදී නීතිපති උපදෙස් අනුව කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.

ඒ අනුව නඩුව වැඩිදුර කැඳවීම සඳහා අප්‍රේල් 30 දින තෙක් කල් තැබුණා.

මෙහිදී මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ වැලිකුඹුර, ඩිලාන් නාලක, මනුෂිකා කුරේ ඇතුළු නීතිඥවරු පිරිසක් සමඟ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියා.  

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් බව කියමින් නීතිඥ සජීව ගමගේ මහතා පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පෙනී සිට තිබුණා.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES