26.4 C
Colombo
Wednesday, November 27, 2024

උසස් පෙළ විභාගය ගැන ගත් තීරණය මෙන්න

- Advertisement -

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පවසනවා.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව පැවසුවා.

මෙහිදී තවදුරටත් අදහස් දැක් වූ ආරක්ෂක ලේකම්වරයා,

“උසස්පෙළ විභාගය දැනට තිබෙන කාලගුණ තත්ත්වය නිසා තාවකාලිකව නැවතිලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා 29වැනිදායින් පසු කාලගුණ තත්ත්වයන් පිළිබඳ නැවත විශ්ලේෂණය කර, අවශ්‍යකරන සුදුසු වාතාවරණය සැකසුනු පසුව නැවත උසස්පෙළ විභාගය ආරම්භ කිරීමට. ඒ කාලවකවානු විභාග දෙපාර්තමේන්තුව විසින් යථා කාලයේදී නිකුත් කරනු ලබයි”.

පවතින අධික වැසි හේතුවෙන් මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය දින 3කට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ (26) තීරණය කළා.

ඒ අනුව අද, හෙට සහ 29 යන තෙදින උසස් පෙළ විභාගය නොපැවැත්වෙන බවයි විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා පවසන්නේ.

එමෙන්ම නැවත විභාගය 30වනදා නියමිත කාලසටහනේ සිට ක්‍රියාත්මක වන බවත්, අත්හිටවූ දින තුනට අදාළ විෂයන් දෙසැම්බර් මස 21, 22 හා 23 දිනවල පැවැත්වෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES