26.4 C
Colombo
Wednesday, November 27, 2024

E8 ගැන පැමිණිලි රැසක්

- Advertisement -

E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු පවසන්නේ, ඔවුන් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන අරඹා තිබෙන බවත් E8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබා දීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල නොවන බවයි.

එලෙස රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයින් පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ‘සභාපතිට කියන්න” වැඩසටහනට තොරතුරු ලබා දෙන ලෙසද කෝශල වික්‍රමසිංහ මහතා පවසනවා.

එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම  නොබලා දඬුවම් කිරීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා දෙන බව කියා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 26 වැනිදා බත්තරමුල්ලේදී හා පොල්ගස්ඕවිට දී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

RECENT ARTICLES - SINHALA

කලාවැවේ හදිසි වාන්දොරටුත් විවෘත කරලා

පවතින වර්ෂාවත් සමඟ කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හා වාන් දැමීම හේතුවෙන් කලාවැව හදිසි වාන් දොරටු දෙකම අද පස්වරුව වනවිට අඩි18 බැගින් විවෘත කර...

නැගෙනහිර මුස්ලිම් පාසල් වලට දවස් දෙකක් නිවාඩු

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළාත් ආණ්ඩුකාර...

නැගෙනහිර වෙරළට ආසන්නව ඉදිරි පැය 06 තුළ සුළි කුණාටුවක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (27) දින පෙ. ව. 11.30 පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින්...

POPULAR ARTICLES