ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ඩර්බන්හිදී අද (27) ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.
තරගය නතර කරන විට පළමුව පන්දුව පහර දෙමින් සිටින දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20.4ක් ක්‍රීඩාකර කඩුලු 4ක් දැවී ලකුණු 80ක් රැස්කරගෙන සිටියා.
කඩුල්ලේ රැඳී සිටින නායක ටෙම්බා බවුමා ලකුණු 28ක් හා කයිල් විරෙයින් ලකුණු 9ක් රැස්කරගෙන සිට තිබුණා.
දකුණු අප්‍රිකානු ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු 14ක තුළ දවාගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට හැකිවුණා.
ඉන් පළමු කඩුල්ල ලෙස ඒඩියන් මාක්රම් ලකුණු 9කට දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වූ අතර, අනෙක් කඩුල්ල වූ ටෝනි ද සෝර්සි ලකුණු 4කට දවාගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුණා.
එමෙන්ම බිඳවැටුණු අනෙක් කඩුලු දෙකටම හිමිකම්කීමට ලහිරු කුමාර සමත්ව තිබෙනවා.
ඔහු මුලු ලකුණු 46දී ලකුණු 16ක් රැස්කරගෙන සිටි ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ කඩුල්ලද, මුලු ලකුණු 54ක් වද්දී ලකුණු 4ක් රැස්කරගෙන සිටි ඩේවිඩ් බෙඩිංහැම්ගේ කඩුල්ලද දවාගත්තා.