අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය වික්ටොරියා උද්‍යානය, ගිනි නිවිමේ සහ ගලවා ගැනිමේ ඒකකය ඇතුලු ස්ථාන කිහිපයක් අද (27) පස්වරුවේ ජලයෙන් යට වි තිබෙනවා.
ගිනි නිවිමේ ඒකකය ජලයෙන් යටවිම හේතුවෙන් ගිනි නිවන රථ එම ස්ථානයෙන් ඉවත් කර ගැනිමට නගර සභාවේ පාලන අධිකාරිය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අසල පිහිටි වෙළඳසැල් රැසක් ජලයෙන් යට වි ඇති අතර, වික්ටොරියා උද්‍යානයේ පිහිටි ළමා උද්‍යානයද සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වී තිබෙනවා.
තලගලඔය පිටාර ගැලිම නිසා නුවරඑළිය මහ නගර සභාව යටතේ පාලනය වන මෙම ස්ථාන ඇතුලු නගරය ජලයෙන් යටව තිබෙන බවයි පැවසෙන්නේ.